උමං සොහොන් ගෙවල්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
රෝමයේ උමං සොහොන් ගෙයක් තුළ දර්ශනයක සිතුවමක්.

ඈත අතීතයේ සිට ම මිනිසා මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කළේය. එබැවින් මිනිසා මරණයට පත් අයගේ මෘත ශරීර ආරක්ෂා කර තැබීමට විවිධ උපක්‍රම භාවිත කරමින් පියවර ගත්තේ ය. මෙම මෘත ශරීර තැන්පත් කිරීමට හා සුරක්ෂිතව තබා ගැනීම සඳහා විවිධ ආරක්ෂිත සොහොන් ගෙවල් සකස් කර ගත්හ. මුල්කාලීන කිතුනුවන් ද ස්වකීය කිතුනු සභාවේ සාමාජිකයන්ගේ හා ශුද්ධවරයන්ගේ මෘත ශරීර ආරක්ෂා කිරීම සඳහා රහසිගත බිම්ගෙවල් හා උමං යොදා ගත්හ. මෙම උමං සොහොන් ගෙවල් ඉංග්‍රීසි භාෂාවෙන් කැටකෝම්බ්ස් [Catacombs] යන නමින් හඳුන්වයි. මෙම උමං සොහොන් වලින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ රෝම පුරවරය තුළය. එහෙත් ප්‍රංශය, මෝල්ටාව, කපදෝසියාව වැනි ප්‍රදේශ වල ද උමං සොහොන් තිබේ. මෙම උමං සොහොන් බිහි වීමට බලපෑ මූලික සාධක තුනක් ඇත.

ඉපැරණි උමං සොහොන් පුරාණය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=උමං_සොහොන්_ගෙවල්&oldid=395303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි