සාදික්කා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
Nutmeg seeds

සාදික්කා (ඉංග්‍රීසි:  Nutmeg) යනු කුළු බඩු විශේෂයකි.[1] සාදික්කා ගෙඩියෙහි ඇති මදය හා මද ආවරණය චූ කවචය වටා ඇති රතු පැහැ කොටස එනම් වසාවාසි ප්‍රධාන වශයෙන් කුළු බඩු ලෙස භාවිත කරයි.සාදික්කා ශාකය නිවර්තන කලාපීය ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.සාදික්කා තෙල් හා සාදික්කා බටර් වලට ලෝක වෙළදපොලේ ඉහළ ඉල්ලුමක් පවතී.

සාදික්කා මද

සාදික්කා ශාකයේ වාඩාත් ප්‍රයෝජනවත් කොටස සාදික්කා මදයයි.මෙම මදය ඝන කවචයකින් ආවරණයවී පවතී.කවචය රබර් බීජවලට සමානය.ඕවලාකාර හැඩයකින් යුක්තය.කවචය කලු හා දුඹුරු පැහැයට ආසන්න පැහැයකි. මදය බිත්තරයක හැඩය ගනී.සුදු පැහැතිය.මිහිරි සුවඳකින් යුක්තය.මිහිර හා සැර රසකින් යුත්තය.සාදික්කා ඵලයෙන් ලෙල්ල ඉවත්කර ගත්විට වසාවාසි නමින් හඳුන්වන රතුපැහැ කවච ආවරණය ඉවත් කිරීමෙන් පසු අව්වේ හෝ උදුනක දමා වියලීමෙන් පසු ගන කවචය තලා මදය ඉවතිකරගත හැකිය.මෙසේ ඉවත් කරගන්නා මදය කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කිරීමට යොදාගනී.මස් මාළු හෝ වෙනත් ව්‍යාංජන රසවත් කරගැනීමට පුඩින් වර්ග හා සෝස් වර්ග නිපදවීමටද යොදාගනී.සම්පූර්ණ මදය ලෙස හෝ මදය කුඩුකර කුඩු ලෙසද වෙළද පොලෙන් ලබාගත හැක.සාදික්කා තෙල් හා බටර් සාදාගැනීමටද මේවා යොදාගනී.

වසාවාසි

වසාවාසි සාදික්කා මදය ආවරණයවන කවචය වටා ආවරණයක් සේ පවතී.මේවා පැහැයෙන් රතු පැහැතිය.මෙම වසාවාසිද කුළුබඩුවක් ලෙස ආහාර රසවත්කරගැනීමට යොදාගත හැකිය.වෙන්කරගත් වසාවාසි අව්වේ හෝ උදුනක දාමා වියලීමෙන් පසුව මෙම වසාවාසිවල පැහැය අවපැහැයකට හැරේ.එසේම නම්‍යශීලීබව නැතිවී යයි.බරින් අඩුවේ.

වගාව

භාවිතයන්

කුළුබඩු

පළතුරු

තෙල්

බටර්

ඉතිහාසය

සෞඛ්‍ය

මූලාශ්‍ර

බාහිර සබැඳුම්

  1. ^ "ආහාර වේලට රසයත් ගුණයත් එක් කරන කුළුබඩු". දිනමිණ. සම්ප්‍රවේශය 2017-08-19.

මේවාත් බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=සාදික්කා&oldid=463738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි